118ක සහාය අගමැති රනිල්ට / ජේ සී අලවතුවල කියයි

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකරමින් අග්‍රාමාත්‍යවරයා හමුවේ මන්ත්‍රීවරුන් 118 දෙනකු බහුතරය ප්‍රකාශ කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය මෙතෙක් දරන ලද ජේ සී අලවතුවල මහතා පවසනවා.
අද පෙරවරුවේ කතානායකවරයා සමග පැවැති පක්ෂ නායකයින්ගේ සාකච්ජාවේදී එක්සත් ජාතික පෙරමුණ / දෙමල සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ මෙසේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන බව දන්වා සිටි බවයි ලංකා ඒ නිවුස් කළ විමසීමකදී ජේ සී අලවතුවල මහතා කියා සිටියේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බැවින් වහාම පාර්ලිමේන්තුව කැදවා නිසි පියවර ගන්නා ලෙස කතානායකවරයා මෙහිදී පක්ෂ නායකයින් ඉල්ලීමක් කළ බවයි ජේ සී අලවතුවල මහතා කියා සිටියේ.
ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසමින් මුදල් බලයෙන් මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උත්සාහ දැරුවද සුලු පිරිසක් පමණක් ඊට ගොදුරුවූ බවත් සැබෑ දේශපාලනඥයින් ඊට නොරැවටුණු බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව තවදුරටත් මෙරට පාර්ලිමේන්තුවේ බහුතරය සතු රනිල් වික්‍රමසිංහ මහතා වහාම යළි අගමැතිධූරයේ පිහිටුවීමට ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගත යුතු බවයි ජේ සී අලවතුවල මහතා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *