2න් යනවාද ? 3ක් ඉන්නවාද ? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යොමුකරයි

තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීරණය ජනාධිපතිවරයා වෙත යොමුකරන බව දැනුම්දී තිබෙනවා.ඒ අනුව රහසිගත තීරණයක් ලෙස එය ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතයි.

මේ අද පස්වරුවේ හදිසි නිවේදනයක් ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයයි.
“ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මත දෙකක කතිකාවක් නීතිමය සිවිල් සහ දේශපාලන ක්ෂේත‍්‍ර තුළ පවතී. ඒ අනුව යම් ව්‍යාකූලතාවයක් ඇති විය හැකි බැවින්, එය මගහරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් ධුර කාලය පිළිබඳ නිවැරදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබේ.
එසේ විමසීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලතල ඇති අතර, මීට පෙර ජනාධිපතිවරුන් ද මේ ආකාරයට සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇති විශේෂ ලක්ෂණයකි.”

අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *