You are here
Home > ආසන්න-පුවත් > 2007 දී මාළිගාවට කෝටි 27 කට අලියෙක් අරන් / වංචාවක් බව තහවුරුයි

2007 දී මාළිගාවට කෝටි 27 කට අලියෙක් අරන් / වංචාවක් බව තහවුරුයි

2007 වසරේදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීමේදී දැවැන්ත අක්‍රමිකතාවයක් සිදුව ඇති බව අනාවරණවී තිඛෙනවා.

විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 26.5කට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදුකර ඇති බවයි ඊට අදාළ විමර්ෂණ සිදුකළ ඒක පුද්ගල කමිටුව විසින් අනාවරණ කර ඇත්තේ.

ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම විශාල ලෙස වැඩියෙන් සඳහන් කොටගෙන ඇති බව පෙන්වා දෙන එම ඒක පුදගල කමිටුව මෙම වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු සියළු දෙනාට දඬුවම් නියම කිරීමටද නිර්දේශ කර තිඛෙනවා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව විසින් සිය වාර්තාව මඟින් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට මේ බව දැනුම් දී තිබූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ අවධානයටද ලක් කිරීමට නියමිතයි. තිබූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ අවධානයටද ලක් කිරීමට නියමිතයි.

රේගු දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමන්ත ගුණසේකර මහතා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කමිටුව පත් කර තිඛෙනවා.

Top