2015 පසු දූෂණ හොයන්න / පෙර ඒවාත් අමතක නොකරන්න -රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල


මේ වන විට ජනාධිපතිවරයා සතුව පොලිසිය පවතින බැවින් 2015 ජනවාරි 08න් පසු සිදුව ඇති බව කියන දූෂණ මෙන්ම ඊට පෙර ආණ්ඩුව සිදුකර ඇතැයි කොමිෂන් සභා විසින් හෙළි කළ දූෂණ පිළිබද කඩිනම් පියවර ගැනීමේ හැකියාව පවතින බව අභ්‍යන්තර , ස්වදේශ කටයුතු හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද ලංකා ඒ නිවුස් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වංචා දූෂණ කවරකු විසින් හෝ සිදුකර ඇත්නම් ඊට එරෙහිව පියවර ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බවයි.

2015 ජනවාරි 08 වනදාට පෙර පොදු අපේක්ෂකයා එවක පැවැති රජයේ දූෂණ හා අපරාධ හෙළකළද අද වන තෙක්ම එම අපරාධවලට එරෙහිව පියවර ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ.
මේ වන විට යෝජනා කර ඇති ජාතික ආණ්ඩුව 2015 සිට 2018 දක්වා පැවැති ජාතික ආණ්ඩුවට සමාන එකක් නොවන අතර එය එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන නව ආණ්ඩුවක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

විධායකය හා ව්‍යවස්ථාදායකය ගැටීමක් සිදුවන්නේ නම් එමගින් පීඩාවට පත්වනු ලබන්නේ රටේ ජනතාව වන අතරම සියල්ලන් ඒ පිළිබද බුද්ධියෙන් පියවර ගත යුතු බවද ජේ සී අලවතුවල මහතා අවධාරණය කළා.
ඒ අඅනුව යහපත් දේ වෙනුවෙන් සහාය දැක්වීම සියලු දෙනාගේ යුතුකම විය යුතු බවයි අමාත්‍යවරයා ලංකා ඒ නිවුස් වෙත සදහන් කළේ.
ඒ අනුව මෙම වසර අවසානයේ පැවැත්වෙන ජනාධිපතිවරණය මගින් රටේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසදුම් හිමිවන බවද ඔහු අවධාරණය කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes