2017 ක්‍රික් ඉන්ෆෝ සම්මාන ලාභී ක්‍රීඩක ලයිස්තුව මෙන්න

2017 වසරේ හොදම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ පිතිකරුවාට පිරිනැමෙන ක්‍රික් ඉන්ෆෝ සම්මානය ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට හිමිව තිබෙනවා. (ඉන්දියාවට එරෙහිව ඔහු රැස් කළ ලකුණු 109 ක ඉනිම)ඒ අද දිනයේදී ප්‍රකාශ කරන ලද සම්මාන ලාභීන්ගේ නාමලේඛනයට අනුවයි.

2017 වසරේදී හොදම ටෙස්ට් පන්දු යැවීමේ දක්ෂතාවයට පිරිනැමෙන ක්‍රික් ඉන්ෆෝ සම්මානය හිමිව ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ නේදන් ලයන්ටයි.(ඉන්දියාවට එරෙහිව ඉනිමකදී ලකුණු 50කට කඩුලු 8ක් දවා ගැනීම)

2017 වසරේ හොදම එක්දින ඉනිම ක්‍රීඩා කළ පිතිකරුවාට පිරිනැමෙන ක්‍රික් ඉන්ෆෝ සම්මානය – පකිස්ථානයේ ෆාකර් සමාන් (ඉන්දියාවට එරෙහිව ශූරයන්ගේ කුසලාන තරගාලියේ අවසන් මහා තරගයේ ලබාගත් ලකුණු 109 )

වසරේ හොදම එක්දින පන්දු යැවීමට හිමි සම්මානය – පකිස්ථානයේ මොහොමඞ් අමීර් (ඉන්දියාවට එරෙහිව ශූරයන්ගේ කුසලාන තරගාලියේ අවසන් මහා තරගයේදි ලකුණු 16 කට කඩුලු 3)

වසරේ හොදම විස්සයි විස්ස ඉනිමට හිමි සම්මානය – නවසීලන්තයේ එවින් ලෙවිස්ට (ඉන්දියාවට එරෙහි තරගයකදී ලකුනු 125)

වසරේ හොදම විස්සයි විස්ස පන්දු යැවීම – ඉන්දියාවේ යුස්වේන්ද්‍ර චහාල්(එංගලන්තයට එරෙහි තරගයකදී ලකුණු 25 කට කඩුලු 6)

2017 වසරේ හොදම නවක ක්‍රීඩකයා – ඉන්දියාවේ කුල්දීප් යාදෙව්

2017 වසරේ හොදම ක්‍රිකට් නායකයා- එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හෙදර් නයිට්

වසරේ හොදම කාන්තා ක්‍රිකට් ඉනිම – ඉන්දියාවේ හර්මන්ප්‍රීට් කේර්

වසරේ හොදම කාන්තා ක්‍රිකට් පන්දු යැවීමට හිමි සම්මානය – ඉන්දියාවේ අන්යා ෂබ්සෝල්

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.