2017 වසරේ වැඩියෙන්ම නැරඹූ වීඩියෝව මෙන්න / බිලියන 4.3 යි

ගතව යන වසරේ ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ දෙස්පසීතෝ සංගීත වීඩියෝව ලොව පුරා සංගීත ලෝලීන් බිලියන 4.3ක් නරඹා තිබෙන බව එහි වීඩියෝ ප්‍රකාශන සමාගම අනාවරණය කර තිඛෙනවා.

ලොව පුරා රටවල් 47ක ජනප්‍රියම වීඩියෝව බවට පත් වූ Despacito බ්‍රිතාන්‍යයේ පමණක් මිලියන 64.7 ක පිරිසක් නරඹා තිබෙන බව ද සමාගමේ දත්ත මගින් අනාවරණ කර තිබුණා.

ජනප්‍රිය පොප් ගායක ඩැඩී යැංකිගේ ද ගායන, නර්තන දායකත්වයෙන් ගායක ලුවිස් ෆොන්සි ගේ රේගේටන්-පොප් (reggaeton-pop) නිර්මාණයක් වන දෙස්පසීතෝමේවසරේ බ්‍රිතාන්‍යය තුළ වැඩියෙන්ම නැරඹු ගීත වීඩියෝව බවත්Vevo වීඩියෝ ප්‍රකාශන සමාගම සඳහන් කරයි.

දෙස්පසීතෝ ඇතුළු ලතින් භාෂාවෙන් ගැයුන ගීත බොහොමයක් 2017 දී ලෝකයේ ජනප්‍රියම ගීත වීඩියෝ අතරට එක් වී තිඛෙනවා.