ඉන්දියාවේ රෝහලක ඔක්සිජන් හිගයෙන් ළමුන් 63ක් මරුට

ඉන්දියාවේ ගොරාක්පූර් හී රෝහලක සතියක කාලයක් තුල කුඩා දරුවන් 60ක් මියයාම සම්බන්ධයෙන් ඉන්දීය රජය විමර්ෂණ ආරම්භ කර තිඛෙනවා.
රෝගී වූ දරුවන්ට හා අලුත උපන් බිළිදුන්ට අවශ්‍ය ප්‍රමාණවත් ඔක්සිජන් ලබා නොදීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි හෙළිව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් රෝහල් ප්‍රධානියාගේ වැඩ තහනම් කර තිඛෙනවා.
නිසි පරිදි ඔක්සිජන් සැපයීමට අදාළ සැපයුම්කරු අසමත්ව ඇති බවටයි මේ වන විට හෙළිකර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද අවධානය යොමුකර තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *