එස් ටී එෆ් භටයන්ට වෙඩි තැබූ 4ක් දැලේ / 2ක් රෝහලේ

මීගමුව කුරණ ප්‍රදේශයේදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථයක කණ්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසක් අතර වෙඩි හුවමාරුවකින් දෙදනකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ සැක සහිත වෑන් රථය පරීක්ෂා කිරීමට ගිය අවස්තාවේ එහි සිටි පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි.
පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.
එම සැකකරුවන් රෝහල්ගත කර ඇති අතර තවත් සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබූ ටී 56 ගිනි අවි දෙකක් හා පිස්තෝලයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *