ඒකාබද්ධයේ බළලා මල්ලෙන් එළියට

ඉදිරියේදී අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වන්නේ නම් විජේදාස රාජපක්ෂ මහතාට පක්ෂව ජන්දය භාවිතා කරන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා මේ බව සදහන් කළේ මහනුවරදී පැවැති රැළියකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ වන විට විජේදාස රාජපක්ෂ මහතා රටට ආදරය කරන්නකු බව පෙනී ගොස් ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
එය සැලකිල්ලට ගෙන ඔහුට ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබා දෙන බවද දිලුම් අමුණුගම මහතා සදහන් කළා.
මේ වන විට අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සදහා මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටිනවා.
ඒ දූෂිතයින් ආරක්ෂා කිරීම හා පරීක්ෂණ කල් දැමූ බවට චෝදනා කරමිනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *