ගුවාම් දූපත සුරක්ෂිතයි / ට්‍රම්ප්ගෙන් සහතිකයක්

උතුරු කොරියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇති අමෙරිකාවට අයත් ගුවාම් දූපත සියයට 1000ක් ආරක්ෂිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ගුවාම් ආණ්ඩුකාර එඩී කැල්වෝ සමග අන්තර්ජාලය හරහා සාකච්ජාවකට එක්වෙමින්.

උතුරු කොරියාව කවරක් සිදුකළද ගුවාම් දූපත හා එහි ජනතාව ආරක්ෂා කරන බවයි ට්‍රම්ප් මහතා අවධාරණය කර ඇත්තේ.
තවත් දින 3ක් ඇතුලත උතුරු කොරියාව විසින් අමෙරිකාව ඉලක්ක කර ගනිමින් ගුවාම් දූපත ආසන්නයට පහර දෙන බවටයි අනතුරු අගවා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *