මත්තල ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 205ක ආයෝජනයක්

මත්තල ගුවන් තොටුපොළ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 205ක් මුදලක් ආයෝජනය කිරීම සඳහා වන ඉන්දීය රජයේ යෝජනාව මේ වන විට ශ්‍රී ලංකා රජය වෙත ලබාදී ඇති බව ද හින්දු පුවත්පත අද වාර්තා කළා.

එහි දැක්වෙන්නේ වසර 40 ක කාලයක් වෙනුවෙන් ගුවන් තොටුපලේ මෙහෙයවීම/කළමනාකරණය/ නඩත්තුව සහ සංවර්ධනය ලබා ගැනීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටින බවයි.
මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හම්බන්තොට වරායට කිලෝමීටර් 40ක දුරින් පිහිටා තිබීම හේතුවෙන් උපාය මාර්ගික පියවරක් ලෙස ඉන්දියාව මේ සදහා ඉදිරිපත්ව සිටින බවද අදාළ වාර්තා අනාවරණ කළා.
එමෙන්ම ගිවිසුම සදහා ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 88ක මුදලක් ආයෝජනය කරනු ඇතැයි ද ඉන්දියාව අපේක්ෂා කරදු ලබනවා.
ඉන්දියාවේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද පසුගියදා ප්‍රකාශ කෙරුණා.
මේ අතර හම්බන්තොට ගුවන්තොටුපොළ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරික බවට පත් කිරීමට ඉන්දියානු රජයෙන් ලැබුණු යෝජනාව අධීක්ෂණය කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *