උතුරු කොරියානු මිසයිල ප්‍රහාරයට සූදානම් / චන්ද්‍රිකා ජායාරූප හෙළිකරයි

අමෙරිකාවට අයත් ගුවාම් දූපත ඉලක්ක කර ගනිමින් පහරදීම සදහා උතුරු කොරියාව මේ වන විට මිසයිල 4ක් සූදානම් කර අවසන් බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කර තිඛෙනවා.
ඒ අනුව තවත් නෞකා නාශක මිසයිල 4ක් උතුරු කොරියාව විසින් සබ්මැරීන මගින් ගෙන යන ආකාරය අමෙරිකානු සන්නිවේදන චන්ද්‍රිකා ජායාරූප මගින් අනාවරණ කර ගැනීමටයි සමත්ව ඇත්තේ.
ඒ අනුව කුමන මොහොතක හෝ උතුරු කොරියාව තර්ජනාත්මක ප්‍රහාරයකට සූදනමින් පසුවන බව අනාවරණවී තිඛෙනවා.
යම් හෙයකින් අමෙරිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ පසු මතුවන තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සදහා උතුරු කොරියාව මෙම නෞකා නාශක මිසයිල ප්‍රවාහනය කරන්නට ඇති බවයි සැලකෙන්නේ.
මෙම තත්ත්වය කෙරෙහි අමෙරිකාව දැඩිව අවධානය යොමුකර තිඛෙනවා.
යම් හෙයකින් උතුරු කොරියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළහොත් එය ආඥාදායක පාලනයේ අවසානය බවටයි අමෙරිකාව අනතුරු අගවා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *