එජාපය තීන්දුවක් ගැනීමට සූදානම් / මෛත්‍රීටත් දැනුම්දීලා

ආණ්ඩුවේ තවදුරටත් රැදී සිටින්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් දෙසැම්බරය වනවිට තීරණයක් ගැනීමට සිදුවන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිඛෙනවා.

යහපාලන රජය පිහිටුවීමට පෙරමුණ ගත් එක්සත් ජාතික පක්ෂය කේන්ද්‍ර කර ගනිමින් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවින් එසේ එය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් මෙවැනි තීන්දුවක් ගැනීමට සිදුවන බවයි ඔවුන් දන්වා ඇත්තේ.

රවි කරුණානායක මහතාගේ සිද්ධියෙන් පසුව පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇති බවත් එසේ නොකළහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට දැන්වූ බවත් එම අමාත්‍යවරයා අනාවරණ කළා.

මෙලෙස පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රකාශකර ඇත්තේ පහුගිය ආණ්ඩුවේ දූෂණ වංචාවලට නීතිය ක්‍රියාත්මක නොකර මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් පිළිබද පමණක් පරීක්ෂණ සිදුවන බවට චෝදනා එල්ල කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *