තාජුඩීන් සිද්ධිය ගැන ප්‍රකාශයක් ගන්න ශිරන්ති අද /යෝෂිත හෙට සී අයි ඩී යට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට සහ පුතා වන යෝෂිත රාජපක්‍ෂ මහතාට අද / හෙට දිනවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිඛෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට ඉහතදී ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට හා යෝෂිත රාජපක්‍ෂ මහතාට දැනුම් දී තිබුණද හදිසි රෝගී තත්ත්වයන් ඇති බව දන්වමින් ඔවුන් වෙනත් දින අපේක්ෂා කර තිබුණා.

ඒ අනුව අද සහ හෙට දිනවල මෙම කැඳවීම් සිදුකර තිඛෙනවා.

තාජුඩීන් ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ආරක්‍ෂකයන්ට අයත් ඩිෆෙන්ඩර් රථයක්‌ යොදා ගත් බවට ඇයට චෝදනා එල්ලවී තිඛෙනවා.

එසේම ඝාතනය සිදුවූ දිනයේ ඇය උසස් පොලිස් නිලධාරීන්ට අවස්ථා 48 කදී ඇමතුම් ලබාගෙන ඇති බවයි පාර්ලිමේන්තුව හමුවේද ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අද දිනයේත් යෝෂිත රාජපක්‍ෂ මහතා හෙට දිනයේත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව තිබුනේ 2012 වසරේ මැයි 17 වනදායි.
එය රිය අනතුරක් ලෙස ප්‍රකාශ කෙරුණද පසුව කළ පරීක්‍ෂණවලදී එම මරණය ඝාතනයක්‌ බවට හෙළිදරව් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *