රාජිතට නඩු දාන්න මහින්ද සූදානමින්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සම්බන්ධව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකළ ප්‍රකාශ සම්බන්ධව ඔහුට එරෙහිව නඩු පැවරීමට මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ රුස්වීමේදී අදාළ යෝජනා ඉදිරිපත්ව ඇති බවයි එහි ප්‍රකාශකයකු අනාවරණ කළේ.
මැදපෙරදිග රටක රාජපක්ෂවරුන් සතු රහසිගත ගිණුමක ඩොලර් බිලියන 18ක් ඇතැයි යන චෝදනාව වාර ගණනාවක් අමාත්‍ය සේනාරත්න විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති නිසා එයට එරෙහිව මුල්ම නඩුව පවරන බව ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *