අද සිට බස්වලට ප්‍රමුඛතා මංතීරු එන්නේ මෙහෙමයි

කොළඹ නගරයේ බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අද සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මහානගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

අද සිට මොරටුව කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්‌වාද සැවෝයි සිනමා ශාලාවේ සිට බම්බලපිටිය මංසන්ධිය දක්‌වා ද, 22 දා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්‌වා සහ බම්බලපිටිය මංසන්ධිය සිට පිත්තල මංසන්ධිය දක්‌වාද, 29 වැනිදා පොල්දුව මංසන්ධියේ (දියත උයන) සිට රාජගිරිය ආයුර්වේද මංසන්ධිය දක්‌වාද ටවුන්හෝල් මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්‌වා ද එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එසේම සැප්තැම්බර් 12 වැනිදා කොම්පඤ්ඤ වීදිය සිට පිටකොටුව දක්‌වාද (කොම්පඤ්ඤවීදිය, කොටුව-පිටකොටුව) නොවැම්බර් 30 දා බොරැල්ල සිට මරදාන දක්‌වාද මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බව ඇමැතිවරයා සදහන් කළා.

මීට පෙර ආයුර්වේද වටරවුමේ සිට බොරැල්ල දක්‌වා ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස කොළඹ නගරයේ ස්‌ථාන කිහිපයකට පමණක්‌ දැනට මෙය ක්‍රියාත්මක කරන බවත් චම්පික රණවක මහතා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close