රාජිතට විරුද්ධව අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සදහන් කළේ මාලඛේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යානුකූල ගිවිසුමකින් රජයට පවරා නොගනිමින් ඒ වෙනුවෙන් මසකට කෝටි 25ක රජයේ පිරිවැයක් දැරීමට එරෙහිව පැමිණිල්ල ගොනුකරන බවයි.
මේ දක්වා රජය හා නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලේ හිමිකරුවන් අතර රජයට පවරා ගැනීමේ නීත්‍යානුකූල ගිවිසුමක් ඇති කර ගෙන නොමැති බැවින් එය රජයේ රෝහලක් ලෙස නොසලකන බවයි වෛද්‍ය සංගමය අවධාරණය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close