විදේශ ඇමති පුටුව තිලක් මාරපනට

විදෙස් කටයුතු අමාත්‍යධූරය සඳහා සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වු විදෙස් අමාත්‍යධූරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිඛෙනවා.

2017 මැයි 22 වන දින තිලක් මාරපන මහතා සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා වශයෙන් එම අමාත්‍යධූරයේ වැඩ භාරගනු ලැබුවා. .

කෙසේ වෙතත් මෙම සංවර්ධන කාර්යභාර අමාත්‍යධූරය ලැබීමට පෙර තිලක් මාරපන මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ද සිය අමාත්‍යධූරයෙන් 2015 නොවැම්බර් 9 දින ඉල්ලා අස්වුණා.

ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා හිටපු නීතිපතිවරයකු වන අතර ඔහු 1994 ආණ්ඩු පෙරළියත් සමග විශ්‍රාම ලැබුවා.

2001 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත්වූ අතර, ගාමිණී අතුකෝරල මහතා අභාවප්‍රාප්ත වීමෙන් එතුමා හෙබවූ ප්‍රවාහන, මහා මාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා වශයෙන්ද පත්වුණා.
2015 වර්ෂයේ පැවති මහා මැතිවරණයෙන් පසුව නීතිය හා සාමය ඇමතිවරයා වශයෙන් පත් වූ අතර “ඇවන්ගාඩ්” (Avant Garde) සමාගම විසින් පරිහරණය කළ නැවක ගබඩා කර තිබූ ගිනි අවි සම්බන්ධව පාර්ලිමේන්තුවේදී කරන ලද විස්තරාත්මක ප්‍රකාශයෙන් පසුව පවත්වන විමර්ශන ආදියට අනවශ්‍යම මැදිහත්වීමක් සිදුවේයැයි විපක්ෂය විසින් පළකරන ලද සැකය හේතුවෙන් එම විමර්ශන අවසාන වන තෙක් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමටයි පියවර ගත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close