විජේදාසට එරෙහි විශ්වාසභංගයට අත්සන් 70ක්

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට මේ වන විට මන්ත්‍රීවරුන් 70 දෙනකු අත්සන් තබා ඇතැයි අනාවරණවී තිඛෙනවා.
එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ එම පක්‍ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් මේ සඳහා අත්සන් තබා ඇති අතර ඒ පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා හෙට රැස්වන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

හිදී එජාප පසු පෙළ සාමාජිකයින් විසින් විජයදාස රාජපක්‍ෂ මහතාට අධිකරණ ධුරයෙන් ඉල්ලා අස්‌වීමට හෝ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධව කර ඇති ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නා ලෙස බලපැම් කරනු ඇති බවයි පැවසෙන්නේ

තමන් අධිකරණ ඇමැති ධුරයෙහි සිටින තෙක්‌ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කිසිදු නීතිමය පියවරක්‌ නොගන්නා බවට විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මෙම තත්ත්වයට මූලිකවී තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close