දිවි පිදු පොලිස් නිලධාරියාගේ බිරිඳ නිල ඇඳුම නොමැතිව රාජකාරියේ

යාපනය නල්ලූර් කෝවිල අසල දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගිය උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතාගේ බිරිද මේ වන විට යළිත් පොලිස් සේවයේ පිහිටුවා තිඛෙනවා.
ඒ ඊයේ දිනයේ සිට පල්ලම පොලිසියට අනුයුක්තවයි.

කෙසේ වෙතත්මේ දක්වා ඇය වෙත නිල ඇදුම් ලබාදී නොමැතිවීම හේතුවෙන් සරත් හේමචන්ද්‍ර මහතාගේ බිරිද සිවිල් ඇදුමින් සැරසී ඊයේ දිනයේදී සේවය කර තිබුණා.

උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතා මිය ගියේ යාපනය මහාධිකරණ විනිසුරු මානික්ක වාසගම් ඉලංගචේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටියදීයි.

උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද විවාහ වීමට පෙර කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස සේවය කර තිබූ අතර දෙවැනි දරුවා ලැබීමෙන් අනතුරුව ඇය සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඇය සේවය අතහැර ගිය බව සලකා තිබුණා.

කෙසේ නමුත් සිය ස්වාමි පුරුෂයා රාජකාරිය අතරතුර මිය යාමත් සමග ඇය යළි පොලිස් සේවයේ පිහිටුවීමටයි පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම පියවර ගෙන තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close