බාර්සිලෝනා නගරයේ අයි එස් ත්‍රස්ත ප්‍රහාරයක් / 13ක් මරුට

ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහී වීථියකදී මගීන් මතට වෑන් රථයක් පදවා යමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 13න් දෙනකු මරණයට පත්ව තිඛෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ දේවස්ථානයක් ආසන්නයේ රැදී සිටි සියයක පමණ පිරිසක් වෙත මෙම වෑන් රථය ධාවනය කර ඇති බවයි.
ප්‍රහාරයෙන් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිඛෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි ස්පාඤ්ඤ පොලිසිය නිවේදනය කර ඇත්තේ.
ප්‍රහාරය ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් හා ඊශ්‍රායල හා ප්‍රංශ ජනාධිපතිවරුන්ද හෙලිදැක තිඛෙනවා.
සිද්ධියෙන් මියගිය පිරිස අතරට ඛෙල්ජියම් ජාතික සංචාරකයකුද ඇතුලත්.
මෙය තම සාමාජිකයින් විසින් එල්ල කළ ප්‍රහාරයක් බවයි අයි එස් අයි එස් සංවිධානය නිවේදනය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close