රජයට එරෙහිව ඇවන්ගාර්ඩ් පැවරූ නඩුව විසිවෙයි

ඇවන්ගාඩ් සමාගම නීතිපතිවරයාගෙන් සහ නාවික හමුදාපතිවරයාගෙන් රුපියල් බිලියන 2.4ක් වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව අතිරේක දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා විසින් නිෂ්ප්‍රභ කර තිඛෙනවා.

ඇවන්ගාඩ් සමාගමේ මහනුවර නැව සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් පාවෙන අවිගබඩා ව්‍යාපාරයට හානිදායක තත්ත්වයක් ඇතිවීමෙන් සිදුවුන අලාභය හේතුවෙන් අදාළ වන්දි මුදල ලබාදෙන ලෙසට ඉල්ලමින් ඇවන්ගාඩ් සමාගම රජයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

මේ සම්බන්ධව නාවික හමුදාවෙන් සහාය ලබාගෙන අදාළ ලේඛන අධ්‍යනය කර මූලික විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා ඇතුළුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුරේන් ඤාණරාජ් මහතා සහ අධිනීතිඥ හෂිනි ඕපාත මහත්මිය කටයුතු කළා.

පැමිණිල්ලට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ මූලික විරෝධතා පිළිගත් කොළඹ දිසා අධිකරණයේ අතිරේක දිසා විනිසුරු එම්. යූ.ගුණවර්ධන මහතා ඇවන්ගාඩ් සමාගමේ පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමටයි නියෝග කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close