අනවශ්‍ය බලපෑම් වැඩියි / ක්‍රිකට් පුහුණුකරු පරාජයට හේතු හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට රැසක් ලැබීමට හේතුව කණ්ඩායමට එල්ලවන අනවශ්‍ය බලපෑම් බව කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු නික් පෝතස් පවසනවා.
ඊයේ පැවැති තරගයේදී ලද අන්ත පරාජයෙන් පසු මාධ්‍ය සමග අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
කණ්ඩායම තේරීමේදී දැඩිව අනවශ්‍ය බලපෑම් එල්ලවන අතර ඇතැම් පුද්ගලයින්ගෙන් මේ සදහා දැඩි බාධා සිදුවන බවයි පුහුනුකරුවා පවසන්නේ.
කණ්ඩායමේ ප්‍රශ්න සදහා අනවශ්‍ය ලෙස ඇතමුන් අත දැමීමද පරාජයටන්ට හේතු බව ඔහු හෙලිකරනවා.
කෙසේ වෙතත් ක්‍රීඩකයින් මේ වන විට සිය උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දෙන බැවින් ඔවුන් කෙරෙහි තමන්ගේ කිසිදු අමනාපයක් නොමැති බවයි පුහුණුකරුවා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close