දඹූල්ලේදී ක්‍රිකට් පිලට දැඩි විරෝධයක්/ කැරලි මර්ධන පොලිසියත් මැදිහත් වෙයි

ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පලමු තරගයෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විරෝධය පල කරමින් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පරාජයක් ලැබීමෙන් පසුවයි.
මෙහිදී ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින්ට හූ තැබූ අතර විරෝධතා පාඨ කියනු දැකගැනීමට ලැබුණා.
අපිට දියව් අපේ ක්‍රිකට්/අපිට ඕනේ 96 ක්‍රිකට් යනුවෙන් ඔවුන් සටන් පාඨ කියන ආකාරයයි දැකගැනීමට ලැබුණේ.
මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි වූ අතර පසුව කැරළි මර්දන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් ප්‍රේක්ෂකයින් පිරිස පලවා හැරීමටයි පියවර ගනු ලැබුවේ.
ඊයේ පැවැති පලමු එක්දින තරගය ඉතා දුර්වල ක්‍රීඩා රටාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 9කින් පරාජයට පත්වුණා.
ඒ අනුව එක්දින ක්‍රිකට් ලෝක වාර්තා රැසක් මෙම තරගාවලිය තුල ඉන්දියාව පිහිටුවනු ඇති බවටයි ක්‍රීඩා ලෝලීන් චෝදනා එල්ල කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close