නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පත්කර තිඛෙනවා.
ඒ අනුව අද්මිරාල් ධුරයට උසස්වීම ලැබිමෙන් අනතුරුව 22 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීමට නියමිතයි.
2007 ජූලි 15 දිනට ප්‍රථමයෙන් මෙම ආයතනය ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ලෙස නම් කර තිබූ අතර, එය පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ලෙස නම් කෙරිණි. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්වීම් ලබන 2 වන නාවික හමුදාපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි.
මීට පෙර 2005 වසරේදී මෙහි ප්‍රධානී ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා කටයුතු කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ ඉහළම නිලය වන්නේද ආරක්ෂක මාණ්ඩලික තනතුරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close