රජය ජනවරම රකිනවා / රටේ අනාගතය හදනවා / ජේ සී කියයි

කවර බාධා හා විවේචන එල්ල කළද යහපාලන රජය රටේ දියුණුව හා ජනතා සුබසෙත වෙනුවෙන් පෙනී සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ඇගළුම් ආශ්‍රිත කර්මාන්ත ව්‍යාප්ත කිරීමේ සංකල්පය මත දිරිය කාන්තාවන් සදහා කුඩා ඇගළුම් කර්මාන්ත බිහි කිරීමේ ව්‍යාපෘතිය යටතේ නොමිලේ ජුකී මැෂින් පුහුණුව ලබා දීම සදහා වූ වැඩසටහන සදහා සහභාගි වෙමින්.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ බලය අහිමිවීමෙන් උමතුව සිටින සුළුතරයක් යළි කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් කඩාකප්පල්කාරීව හැසිරෙන බවයි.
එහෙත් 2015 ජනවාරි 8 වනදා ජනතාවට ලබාදුන් පොරොන්දු හා 2015 අගෝස්තු 17 වනදා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් රජය ක්‍රමයෙන් රටේ තත්ත්වය ඔසවා තබමින් සිටින බවද ජේ සී අලවතුවල මහතා සදහන් කළා.
වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බොහෝ දෙනා අද වීරයන් ලෙස හැසිරීමට තැත් කළද ඔවුන්ගේ සැබෑ ස්වරූපය පසුගිය දශකය පුරා ජනතාව අත්විද ඇති බවයි ජේ සී අලවතුවල මහතා කියා සිටියේ.
එබැවින් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී පමණක් නොව ඔ්නෑම මැතිවරණයකදී කඩාකප්පල්කාරීන්ට නිසි ප්‍රතිචාර දැක්වීමට ජනතාව සූදානමින් පසුවන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close