ගම්පහ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුවේ පරිගණක ක්‍රියාකරු කොටුවෙයි

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එය පරිගණක ගත කළ බව කියන පුද්ගලයා අද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ගම්පහ නගරයේදීයි.

ඔහුට ලැබුණු  ප්‍රශ්න කිහිපය පරිගණකගත කරමින් අදාළ අත් පත්‍රිකාව සකස් කොට ඇති බවත් විභාගය පැවති 19 වැනිදා විභාගය පැවැත්වෙන අවස්ථාවේදී ප්‍රශ්න ඔහුට  ලැබී ඇති බවත් අනාවණය වී තිඛෙනවා.

මෙලෙස පරිගණකගත කළ තැනැත්තා කැලණිය ප්‍රදේශයේ පදංචි තැනැත්තෙකු වන අතර ගම්පහ නගරයෙහි පරිගණක මධ්‍යස්ථානයක සේවය කරන්නකු බවයි හෙළිව ඇත්තේ.

මෙම සිද්ධියට අදාල ටියුෂන් ගුරුවරයා අත්අඩංගූවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනවා.   දැනට අත් අඩංගූවේ පසුවන ඔහුගේ පියා සහ සොහොයුරාද පරිගණක කටයුතු කළ පුද්ගලයාද අද(22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close