ගම්පහ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය පසුපස වෛද්‍යවරයෙක්

උසස්‌ පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක්‌ ඇතුලත් කර පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධිය පිටුපස වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා සිටිනා බව පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණවී තිඛෙනවා.

මෙම වෛද්‍යවරයා උපකාරක පංති ගුරුවරයාට රුපියල් දස ලක්‍ෂයක මුදලක්‌ ලබාදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින තම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර කරන ලෙස ඉල්ලා ඇති බවයි අනාවරණවී ඇත්තේ.

ඒ අනුව වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාගය ලියන අතරතුර ජංගම දුරකථනයක්‌ මාර්ගයෙන් අදාළ ප්‍රශ්න උපකාරක ගුරුවරයාගේ ජංගම දුරකථනයට එවා ඇති බව අනාවරණවී තිඛෙනවා.

උපකාරක පංති ගුරුවරයා එම ශිෂ්‍යයාට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී පසුව එම ප්‍රශ්න තුන පත්‍රිකාවක මුද්‍රණය කර ඒ මොහොතේම ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් සහ උපකාරක පංති පැවැත්වෙන ස්‌ථානවල බෙදාහැර ඇති බවයි විමර්ෂණවලින් අනාවරණකර ඇත්තේ.

උපකාරක පංති ගුරුවරයා වෛද්‍යවරයාගෙන් ලබාගත් බවට සැකකරන රුපියල් දස ලක්‍ෂයක මුදලින් රුපියල් නව ලක්‍ෂ අනූ දහසක්‌ ඔහුගේ කදානේ පිහිටි නිවසේ තිබී පොලිසිය සොයාගෙන තිඛෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය පිළිබඳ සුලමුල හෙළි වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයා ප්‍රදේශය අතහැර පලා ගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පරීක්‍ෂණ සිදුකරනවා.

සැකකාර උපකාරක පංති ගුරුවරයා රටින් පලා යැම වැළැක්‌වීම සඳහා අධිකරණ නියෝගයක්‌ ද ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන වෛද්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයාද පොලිසිය විසින් මේ වනවිට හඳුනාගෙන තිඛෙනවා. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළි කර ගත හැකි වන බවටයි පොලිසිය විශ්වාසය පල කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close