ඒකාබද්ධයේ ශ්‍රීලනිප මන්ත්‍රීන් 6 කට විරුද්ධව විනය පරීක්ෂණ

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමේ යෝජනාවක් ලබන සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් අතර පෙරේදා (22) පැවැති සාකච්ජාවේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

ප‍්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, පවිත‍්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම සහ දිලූම් අමුණුගම යන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව මෙසේ විනය පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතයි.

පක්‍ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම හා පක්‍ෂයේ තීන්දු තීරණ විවේචනය කරමින් මාධ්‍ය හමු පැවැත්වීම හේතුවෙන් මෙම පිරිසට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුන් සාකච්ඡා කිහිපයකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව මෙම පියවර ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close