සැප්තැම්බර් 4 ජනපතිගෙන් හා අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

නව දේශීය ආදායම් බදු පනත මගින් කිසිදු ආගමික ස්ථානයක් සම්බන්ධයෙන් බදු අයකිරීමක් සිදු නොවන බව රජය අද අවධාරණය කළා.

එමෙන්ම සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ද බදු අයකිරීම් පිළිබඳ කිසිදු වෙනසක් සිදු නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින්සදහන් කළේ.

නව දේශීය ආදායම් පනත හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර එළඹෙන සැප්තැම්බර් 4 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඉදිරි අට වසර වෙනුවෙන් රටේ ප්‍රතිපත්ති පිළිබද මෙහිදී අවදානය යොමුකරනු ඇති බවයි ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close