විජේදාස රතන හිමියන් සමග මෙහෙයුමක

හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සහ ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය එක්ව නව ජාතික බලවේගයක් නිර්මාණය කිරීමට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මේ සඳහා මූලික සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බවයි එම වාර්තා හෙලිකරන්නේ.
පෞද්ගලිකකරණ වැඩපිළිවෙළට හා යහපාලන මූලධර්මවලට පටහැනිව කරන ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීම මෙම පෙරමුණේ අරමුණ බව සදහන්.

මේ සඳහා දැනටමත් දිවයින පුරා ප්‍රධාන පන්සල් රැසක නායක ස්වාමීන් වහන්සේලා 34 නමක් හා තවත් පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් සමඟද සාකච්ඡා පවත්වා ඇති බවයි අනාවරණ වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close