ශ්‍රීලනිප ඇමති 3කට එරෙහිව එජාපයෙන් මෙහෙයුමක්

රජය නියෝජනය කරන නිදහස් පක්ෂ ඇමැතිවරුන් තිදෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් තීරණය කර තිබෙනවා.
එහි ප්‍රථම පියවර ලෙස අමාත්‍යවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් පසුගියදා ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් අනාවරණ කරන්නේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත / රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් රජය තුළ සිටිමින් රජයත් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ටත් එරෙහිව චෝදනා නැගීමෙන් ආණ්ඩුව ජනතාව අතර අප්‍රාසදායට පත්වන බවයි එජාප මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කරන්නේ.

මෙම පිරිස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග නිරීක්ෂණයෙන් පසු ඉදිරි පියවර තීරණය කරන බවද ඔවුන් අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close