රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වංචාවේ උපකාරක ගුරා රිමාන්ඩ්

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයකු බව කියන ජිනේන්ද්‍ර රණසිංහ මහතා අද නීතීඥ වරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවුණා.
ඒ අනුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා හමුවට ඉදිරිපත් කළ සැකකාර ටියුෂන් ගුරුවරයා ලබන 30 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැණුනේ.
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවට එල්ලවූ චෝදනා මත සිදුකළ විමර්ෂණයේදීයි මෙම සැකකාර උපකාරක පන්ති ගුරුවරයා පිළිබද අනාවරණය වූයේ.
එසේම ඔහුට මෙම ප්‍රශ්න පත්‍ර වංචාවට සහාය දුන් විභාග අපේක්ෂකයකු ඔහුගේ පියා හා සැකකාර උපකාරක පන්ති ගුරුවරයිගේ පියා හා සොහොයුරාද මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close