ජපානයට උඩින් ගිය උතුරු කොරියානු මිසයිලයෙන් යුද්ධයක්

උතුරු කොරියාව විසින් ජපානයට ඉහලින් මිසයිලයක් එල්ල කිරීම සමග මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිඛෙනවා.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අඛේ ප්‍රකාශ කළේ මෙය දැඩි අවධානමක් ලෙස සලකා පියවර ගන්නා බවයි.
ජපාන ජනතාව වෙනුවෙන් ඔ්නෑම පියවරක් ගැනීමට පසුබට නොවන බවද ඔහු අවධාරණය කළා.
මේ අතර දකුණු කොරියාව පවසන්නේ උතුරු කොරියානු නායකයා අවසානය කරා ගමන් කරමින්සිටින බවයි.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දකුණු කොරියාව මේ වන විට යුධ අභ්‍යාසයක්ද ආරම්භ කර තිඛෙනවා.
මේ අතර ජපාන අගමැතිවරයා හා අමෙරිකතානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර විශේෂ දුරකථන සාකච්ජාවක්ද පවත්වා ඇති අතර එහිදී එකගවී ඇත්තේ වහාම වහාම ජගත් ආරක්ෂක මණ්ඩලය කැදවීමටයි.
බොහෝ විට උතුරු කොරියාවට එරෙහි යුධ මෙහෙයුමක ආරම්භය මෙය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close