ධම්මික පෙරේරා නැව් සමාගමක් ගනී / ගණුදෙනුව කෝටි 490

ශ්‍රී ලංකාවේ පැරණිතම නෞකා සමාගම්වලින් එකක් වන Sri Lanka Shipping Company Limited හි 94.81% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට බහුතර කොටස් අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන හේලීස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් කටයුතු කර තිඛෙනවා.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම අනාවරණ කළේ ඉකුත් අගෝස්තු 23 වනදා එම ගණුදෙනුව සිදුව ඇති බවයි.

එම ගණුදෙනුව රුපියල් කෝටි 490 ක් වනවා.

1955 දී රොබට් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි Sri Lanka Shipping Company Limited සමාගම මෙරට ප්‍රමුඛතම නෞකා සමාගමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close