බෞද්ධ කොඩිය වස්ත්‍රයක් කරගත් සීනිගම අක්කලා

 

බුදු දහමට හා බෞද්ධ කොඩියට විවිධ පිරිස් අපහාස කළ බවට ඇතැම් සංවිධාන විවිධ අවස්ථාවල මාධ්‍ය හමුවට පැමිණ මොර දෙනු දක්නට ලැඛේ.
එහෙත් සීනිගම දේවාලයේ පෙරහැර තුලදී බෞද්ධ කොඩිය වස්ත්‍රයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින බව කියන මහා සේනාවන් නිහඩය.
තරුණියන් පස් දෙනෙකු බෞද්ධ කොඩිය දර්ශනය වන ඇඳුමකින් සැරැසී පෙරහැරේ ගමන් කරනු මෙවර සීනිගම පෙරහරේදී දක්නට ලද අතර ඔවුන් එසේ ගමන් කර ඇත්තේ දේවාලයේ අභ්‍යන්තර ආරවුලකට බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
කෙසේ වෙතත් මෙවන් සිද්ධීන් සදහා පියවර නොගැනීම ඉදිරියේදී ඔ්නෑම තැනක ඔ්නෑම අයකුට එවැන්නක් සිදුකිරීම සදහා වන නිල නොලත් අවසර පත්‍රයක් වනු ඇති බැවින් ඒ පිළිබද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අවධානය යොමුවනු ඇතැයි සමාජ ජාල තුල මතයක් ගොඩනැගී ඇත. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close