රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වංචාවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් මුද්‍රණය කර ඛෙදා හැරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රසායන විද්‍යා ගුරුවරයා/සිසුවා සහ සිසුවාගේ වෛද්‍ය පියා ඇතුළු සැකකරුවන් පස් දෙනකු ලබන 04 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සැකකරුවන් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
එම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයේ හිමිකරු රුපියල් 5000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close