පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලොක්කෙක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නුවන් සල්ගාදු මහතා අපරාධමය වරදක් සිදු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් අද බැඳුම්කර පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසමට දැනුම් දුන්නා.

ඔවුන් පැවසූවේ, මෙම අපරාධමය වරද සම්බන්ධයෙන් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දිය යුතු බවයි.

පටිගත වූ දුරකතන ඇමතුම් පරිගණක පද්ධතියෙන් ඉවත් කරන ලෙස නුවන් සල්ගාදු මහතා තමාට උපදෙස් දුන් බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක නිලධාරීවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිදුකළ අනාවරණය මතයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close