මහින්දානන්දගේ කිංසි පාරේ නිවස ගැන විභාගය නොවැම්බරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.

අමාත්‍යවරයෙකුව සිටි සමයේ අයතා මාර්ගවලින් උපයාගත් රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදා බොරැල්ල් කින්සි පාර ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

අදාළ නඩුව අද(31) කැඳවූ අවස්ථාවේදී සාක්ෂි විමසීම නොවැම්බර් මස 20 සහ 21 යන දෙදින සිදුකිරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් තීරණය කළ අතර
එම දිනවලට පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි යොමු කිරීමට ද විනිසුරුවරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close