යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරනවා / ජගත් ජයසූරිය

තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසනවා.

මානුෂීය මෙහෙයුම සමයේදී උතුරේ ආඥාපතිවරයා ලෙස තමන් භට කණ්ඩායම්වලට ඍජුව අණ දීමක් සිදුකර නොමැති බව ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සදහන් කළා.

බ්‍රසීලයේ හිටපු තානාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව මානව හිමිකම් සංවිධානය විසින් මෙම චෝදනාව එල්ල කර තිබුණා.

රෝහල්වලට පහරදීම, සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම සහ වද බන්ධනයට ලක් කිරීම සදහා ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් නියෝග කර ඇති බවට එම මානව හිමිකම් සංවිධානය චෝදනා එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close