රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වංචාවේ සිසුවාට සදාකල් විභාග තහනම්

අති නවීන විද්යුත් තාක්‍ෂණික උපකරණයක ආධාරයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිට හසුවූ ශිෂ්‍යයාට ජීවිත කාලය පුරාවටම විභාග තහනමක්‌ පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තිරණය කර තිඛෙනවා.

විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ ඒ අනුව මින් ඉදිරියට දෙපාර්තමේන්තුවෙන් පවත්වන කිසිදු විභාගයකට පෙනී සිටීමට එම ශිෂ්‍යයාට අවසර හිමි නොවන බවයි.

සාමාන්‍යයෙන් විද්යුත් උපකරණ ළඟ තබා ගනිමින් පෙනී සිට හසුවන අයදුම්කරුවන්ට පැනවෙන දඬුවම වසර 5ක් දක්වා බලාත්මක වනවා.
එහෙත් මෙම සිසුවාගේ ක්‍රියාව බරපතල බැවින් ඔහුට දිවි ඇති තෙක් මෙම විභාග තහනමට මුහුණදීමට සිදුවනු ඇති.
කොළඹ ප්‍රධානම පාසලකින් විභාගයට පෙනී සිටි මෙම ශිෂ්‍යයා ඇතුළු පස්‌ දෙනෙක්‌ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා
ඒ අතරට සැකකාර සිසුවාගේ පියා වන වෛද්‍යවරයකු හා උපකාරක පන්ති ගුරුවරයාද ඇතුලත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close