කොලඹ වරාය මූල්‍ය නගරයට අදාළව නව නීති මාලාවක්

කොළඹ වරාය මූල්‍ය නගරයට අදාළ නීති සකස් කිරීම සඳහා වෙනම ව්‍යවස්ථා සංශෝධනයක් මේ වන විට සකස් කරමින් පවතිනවා.

අන්තර්ජාතික නීති සහ ව්‍යාපාර මේ නගරය තුළ ක්‍රියාත්මක වීම නිසා ගැසට් පත්‍රයක් මඟින් පමණක් මේ සදහා නීති සකස් කළ නොහැකිවීම සැලකිල්ලට ගෙනයි මෙම පියවර ගෙන ඇත්තේ. ගැසට් පත්‍රයක් මඟින් අදාළ නීති පැනවීමට උත්සාහ දරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළා.

මේ කරුණු සියල්ල සලකා බලා අදාළ මූල්‍ය නගරයේ බදු අයකිරීම්, පාරිසරික නීති ඇතුළු සියලු කටයුතුවලට අදාළ නීති ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කළේ.

මේ කෙටුම්පත හිටපු නීතිපති යුවන්ජන් විජේතිලකගේ අධීක්ෂණය යටතේ නීතීඥයන් කණ්ඩායමක් මගින් සකස් කරන බවත්, කඩිනමින් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිත් බවත් අදාළ ආරංචි අනාවරණ කරනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ අගමැතිවරයාගේ උපදෙස් මත මේ ව්‍යවස්ථා සංශෝධනය සකස් කෙරෙන බවත්, කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි අදාළ අන්තර්ජාතික මූල්‍ය නගරයේ කටයුතු සිදු කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close