මන්ත්‍රීනී ගීතාගේ තත්ත්වය සුව අතට

පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගත කර සිටින සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මියගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතිනවා.

ලංකා හොස්පිටල් හි වෛද්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් එස් රත්නප්‍රිය මහතා සදහන් කළේ පිළිස්සුම් තුවාලවලට විෂබීජ යෑම වැලැක්වීමට මෙන්ම අමුත්තන් විශාල පිරිසක් පැමිණීම වැලැක්වීමටත් ඇය තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර ලබාදෙන බවයි.

සුව අතට හැරෙමින් සිටින ඇයට තවත් දින කිහිපයක් ඇයට රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේ.

නාවල පිහිටි සිය නිවසේදී ගෑස් නලයක ගෑස් කාන්දුවක් නිසා  උදුනක ඇතිවූ ගිනි කාන්දුවකින් ඇයගේ දෑතෙහි සහ පාදයක ද පිළිස්සුම් තුවාල සිදුව තිඛෙනවා.
ගීතා කුමාරසිංහ මහත්මියගේ හිසකෙස්ද ගින්නට හසුවීමෙන් පිලිස්සී ගොස් තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close