අතුරුදන්වූ රජයේ වාහනය නිසා සරණ අසරණ වෙයි

රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ චෝදනාවට අදාළව අද අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.
ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන අතරතුර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටෙන්ඩර් මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණා.
එම සමයේදී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ඔහු විසින් ආනයන කර ඇති අතර එම රථය මේ වන විට අතුරුදන්ව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග හෙලිකරන්නේ.
එම චෝදනාවට අදාළවයි සැකකාර සරණ ගුණවර්ධන මහතා කොලඹ අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close