නිදහස් පක්ෂයේ මැති ඇමති 12ක් අද ආණ්ඩුවෙන් යයි

ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 12 දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී වන බව සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා කියා සිටියා.

තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය හා ඊට බලපෑ හේතු කාරණා පිළිබඳ මෙම හමුවේදී ජනාධිපතිවරයාට විස්තර කරන බවයි ඔහු සදහන් කළේ.

ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන පැහැදිලි තීන්දුවක ඉන්නවා. ඒ තීන්දුව ගැන ජනපතිවරයා දැනුම්වත් කිරීම අපේ යුතුකමක්. එතුමා දැනුම්වත් නොකර අපි කවදාවත් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විපක්‍ෂයේ වාඩිවුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිදා හැර යන්නේ නැහැ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close