පර්පචුවෙල් ලොක්කෙක් බැදුම්කරේ ඇත්ත හෙළිකිරීමට සූදානම්

පර්පචුවල් ට්‍රෙෂරීස්  ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගන්නැයි බැදුම්කර ගණුදෙණු පිළිබද විමර්ෂණය කරන ජනාධිපති විමර්ෂණ කොමිසම අද නියෝග කළා.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය සිදුකළ ක්‍රියාවන් හා ඊට සම්බන්ධ වූ දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගේ නම් හෙළි කිරීමෙන් අනතුරුව ඇතිවන බලපෑම් වැළැක්වීමට ආරක්ෂාව සලසන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් මතයි මෙම පියවර ගැණුනේ.

මහ බැංකු මූල්‍ය මණ්ඩලයෙන්ද සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර මහතාගෙන් ද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිලධාරියකුගෙන් ද ලංසු තැබීම ගැන ඇලෝසියස් මහතාට තොරතුරු ලැබී ඇති බවයි මෙහිදී හෙළිව ඇත්තේ.
එම අවස්තාව වන විට අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ බවද කොමිසම හමුවේ සදහන් කෙරුණා.

මහ බැංකුවේ ඉහළම පුද්ගලයින්ගෙන්  සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබුණු තොරතුරු පදනම් කරගනිමින් බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත් කිරීම මගින් රුපියල් බිලියන 11කට අධික ලාබයක් ලැබූ බවයි  පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා අනාවරණ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close