ජන්ද ගුණ්ඩුවක් වූ සිල් රෙදි නිසා ලලිත් හා අනූෂට සිර දඩුවම්

2015 ජනාධිපතිවරණයට දින නියම කර තිබියදී හදිසි කටයුත්තක් ලෙස සලකා රට පුරා සිල්රෙදි බෙදාදීමට කටයුතු කිරීමෙන් එම ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපතිවරයාට දේශපාලන වාසියක් ලබාදීමේ අරමුණ පෙරදැරිව අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග යන විත්තිකරුවන් කටයුතු කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ ප්‍රකාශ කළා.
ඒ සිද්ධියට අදාළ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ චක්‍රලේඛනයට පටහැනිව මැතිවරණ රෙගුලාසි උල්ලංඝනය කර ඇති අතර විත්තිකරුවන් මෙම සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 600ක මුදල ලබාදී ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීමට පෙර බවයි මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ.

තව ද විත්තිකාර ලලිත් වීරතුංග යන අය කළ ඉල්ලීමක් පදනම් කරගෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ද නොලබා සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා පසු දිනම මෙම මුදල් ජනාධිපති ලේකම් නමින් වූ ගිණුමට ප්‍රේෂණය කිරීම සිදුකර ඇති බව සඳහන් කළ විනිසුරුවරයා එමඟින් විත්තිකරුවන් මෙම මුදල් සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බවයි ප්‍රකාශ කළේ.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට වසර 3ක සිර දඩුවම් / දඩ හා වන්දි මුදල් ගෙවීමටයි මෙහීදී නියෝග කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close