සිල් රෙදි සිද්ධියට බන්දුල මහින්දව ගාවයි

ආන්දෝලනාත්මක සිල් රෙදි ඛෙදා හැරීමේ සිද්ධියට රාජ්‍ය කමිටුවක් විසින් නිර්දේශයක් ලබාදී ඇති බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා.

සිල් රෙදි බෙදාදීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනුෂ පැල්පිට මහතා බැලීම සඳහා බන්ධනාගාර රෝහලට අද පැමිණි අවස්ථාවේදීයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.

ඒ අනුව අදාළ නියෝගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදී ඇති බවටයි ගුණවර්ධන මහතා කියා සිටියේ.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කර රකින්න අයිතියක් ජනපතිවරයාට තියෙනවා.ජනපතිවරයාගේ හෝ අදාළ අමාත්‍යවරයාගේ නියෝගයක් ක්‍රියාත්මක කළ විට ඒ අය කොහොමද ඒ නියෝග පිළිපදින්නේ කියන එක අද ප්‍රශ්නයක්.අසරණ වන රාජ්‍ය සේවකයාට පිහිට වෙන්න ඕනේ. ඒ නිසා  අපි ව්‍යවස්ථා සාමාජිකයින් වශයෙන් තීරණය කරලා තියනවා මහසඟරුවනත් හා මහජනතාවත් දායක කරගෙන රුපියෙලෙන් රුපියල එකතු කරලා සිල් රෙදි සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුදලක් පිහිටවන්න“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close