කිඹුලකු සපාකෑ අර්ජුනට දැන් සුවයි

කිඹුලකු විසින් සපාකෑමෙන් බරපතළ තුවාල ලබා සිටි ගැමුණු හෙවත් අර්ජුන හස්‌තියාගේ තත්ත්වය මේ වන විට සතුටුදායක බව වනජීවී නිලධාරීන් පවසනවා.

අර්ජුන හස්‌තියා සිතුල්පව්ව විහාරය අසල පිහිටි වැවට බැස සිටියදී උගේ ලිංගේන්ද්‍රිය කිඹුලකු විසින් සපාකෑම හේතුවෙන් බරපතල තුවාල සිදුව තිබුණා.
අනතුරුව ඇතාගේ ලේ සලකුණු ඔස්‌සේ වනය තුළට සොයාගොස්‌ ප්‍රතිකාර සිදුකිරීමටයි වනජීවී නිලධාරීන් පියවර ගනු ලැබුවේ.

ඌව සහ මධ්‍යම වනජීවී කලාප භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඇතාට ප්‍රතිකාර කිරීමට කටයුතු කර තිබුණා.

අර්ජුන සහ ගැමුණු යන නම් දෙකෙන්ම ප්‍රසිද්ධ මෙම හස්‌තියා යාල වනෝද්‍යානයේ සිටින දිගම දළ සහිත ඇතුන් කිහිපදෙනාගෙන් එකකු ලෙස සැලකෙයි.

අර්ජුන ඇතා සිතුල්පව්ව විහාරය අසල සිටින අතර ඒ සැදැහැවතුන් ලබාදෙන ආහාර මුල් කර ගෙනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close