ඇමතිකමින් දොට්ට දැමූ අරුන්දික කියන කතාව

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධූරයෙන් ඉවත් කර තිඛෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතළ අනුව මෙම ඉවත් කිරීම සිදුකර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

තවත් මන්ත්‍රීවරුන් 12 දෙනකු සමග විපක්ෂයේ අසුන් ගන්නා බවට දිගින් දිගටම ප්‍රකාශ සිදුකරමින් සාමූහික වගකීම් කඩ කිරීම පිළිබද මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණා.

මේ අතර තමා නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්කිරීම පිළිගන්නා අතර තවදුරටත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවයි හිටපු සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසන්නේ.
තමාට තවදුරටත් ආණ්ඩුවේ රැදීසිටීමට අවශ්‍ය නොවු අතර ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව මුල සිටම තමාට ප්‍රශ්න තිබු බවද ඔහු සදහන් කළා.
තමා ඇමැතිධුරයෙන් ඉවත් කළ හෙයින් ආණ්ඩුවෙන් ඉවත්ව යන ඇමැතිවරුන් පසුබසීනු ඇතැයි කවුරුන් හෝ හිතන්නේ නම් එය වැරදීමක් බවද අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close